covid live news

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 60 කට ආසන්න පිරිසක් විදෙස්ගත වීමට කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ පිරිස් ද මෙම මෙම කණ්ඩායමේ සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන ඔවුන්ගේ දූ දරුවන් ඥාතීන් දැක බලා ගැනීමට මෙම නිවාඩු කාලයේදී ඔවුන් විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර තවත් මැති ඇමතිවරුන් පිරිසක් නුවරඑළියේ සංචාරක බංගලා වෙන්කර ගෙන ඇත්තේ වර්ෂ අවසාන නිවාඩු එහි ගත කිරීම සඳහාය.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා ජනවාරි 18 දක්වා දීර්ඝ නිවාඩුවක් මැතිඇමතිවරුන්ට ලැබී තිබේ.

Similar Posts