baby

හිසට සෙවණක් නොමැතිව මහමඟ සිටි සිව් දිනක් වයසැති බිලිඳෙකුට හිසට සෙවණක් ලබා දෙමින් පිහිට වීමට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පියවර ගෙන ඇත.

සිව් දිනක් වයසැති බිළිඳකු සමග ගම්පහ නගරයේ වසා දැමු වෙළඳසැලක් ඉදිරිපිට මව්පිය යුවළක් සිටින බවට නගරාධිපතිවරයාට පෙරේදා (23) ආරංචි වුයේ ගම්පහ කමිටු රැස්වීමේ සිටින අතරවාරයේය.

ඒ් සංචරණ ඇදිරි නීතිය පවතින මෙම කාලසීමාව තුළ ගම්පහ නගරයේ වෙසෙන යාචකයන්ට ආහාර පාන ලබාදීමට ගොස් සිටි  නගර සභා සේවකයන් පිරිසක් කළ දැනුම් දීම මතය.

නගරාධිපතිවරයා වහාම ගම්පහ ප්‍රාදේශිය ලේකම්තුමිය වන ලක්ෂිණි ගුණතිලක මහත්මිය ද කැටුව අදාල ස්ථානයට යන විටත් සිව් දින බිළින්ඳා සීතල පොළවේ නිදිය.

දරුවාගේ මව 47 හැවිරිදි වන අතර පියා 57 හැවිරිදිය. ඔවුන් සිටි කුලී කාමරයෙන් එළියට දමා ඇත්තේ කුලී මුදල් ගෙවා නොමැති බැවිනි. ඒ් අවස්ථාවේ කාන්තාව දරු ප්‍රසුතිය සිදු කර නොතිබුණු අතර ඇය ගම්පහ රෝහල් ගතව ඇතතේ දරු ප්‍රසුතිය වෙනුවෙනි. එහිදි නීරෝගී දරුවෙකු ලැබ ඔවුන් රෝහලෙන් ටිකට් කැපිමෙන් පසුව යාමට තැනක් නොමැති නිසා ගම්පහ නගරයේ මෙම වෙළඳසැල අසලට පැමිණ ඇති බවත් දරුවාගේ පියා පවසා ඇත.

නගරාධිපතිවරයා වහාම ගම්පහගිනි නිවීම් ඒකකයේ ගිලන් රථය ගෙන්වා ගෙන නගර සභාවේ වෛද්‍යවරයා, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවද සමඟින් දරුවා හා මව්පියන්ට නගර සභාවේ නිල නිවසක තාවකාලිකව නවාතැන් ගැනීමට කටයුතු සකසා දෙන ලදි.

එම නිවසටද දරුවා ගෙන යාමට පෙර නගර සභා සේවකයින් විසින් පිරිසිදු කර අවට පරිසරය ධුමායන කටයුතුද සිදු කරනු දක්නට ලැබුණි. පසුව විවිධ පරිත්‍යාගශිලින්ගෙන් ලැබුණු ද්‍රව්‍යද සමඟින් නිවසට දරුවා ගෙන එනු ලැබුණි. මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වීමත් සමඟ ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාට දස දෙසින් දුරකථන ඇමතුම් පැමිණියේය.

ඇතමුන් ඇසුවේ දරුවා හදා ගන්න ගත හැකිද? කියාය. තව අයෙක් දරුවාට තැබීමට නම් යෝජනා කර තිබුණි. මේ අතර තවත් පිරිසක් විවිධ උපකාර කරන්නට ඉදිරිපත් විය.

කෙසේ නමුදු අවසානයේ ගම්පහ ප්‍රදේශයේ නම හෙළි කිරිමට අකමැති වු ව්‍යාපාරිකයෙකු මෙම දරුවාට හිසට සෙවණක් දීමටත්, ඔහුගේ පියාට රැකියාවක් ලබා දීමටත් ඉදිරිපත් විය. ඒ් අනුව ගම්පහ පොලිසියේ මැදිහත් වීමෙන්ද ඊයේ (24) දින මේ බිළිඳා සිය මව්පියන්ද සමඟින් නව නිවහනක් වෙත ගොඩ වැදුනේ විවිධ පරිත්‍යාගශිලීන්ගෙන් ලැබුණු බඩු භාණ්ඩද සමඟිනි.

අද ඔහු සමාජයේ  සියලු දෙනාගේ ආදරය, ආශිර්වාදය  ලබමින්, සුව සේ සිටින්නේ ගම්පහ නගරාධිපතිවරයා කළ මැදිහත් වීම මතය.

babay babay babay babay

ශානිකා

 

Similar Posts