sex sinhala

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.

මේ අතර ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හමුවේ රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

මේ වන විට කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු වැඩිම දෛනික ආසාදිතයන් වාර්තා වෙමින් පැවතීම විශේෂත්වයකි.

ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සිවු දෙනෙක් මෙරටින් පසුගියදා හමුවූහ.

ඕමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගාබාධ තත්වයන් ඇතිවීම කොවිඩ් ප්‍රතිශක්තීකරණ බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් සියයට 85කින් පමණ වැළැක්වෙන බවට නවතම පරීක්ෂණයකින් තොරතුරු අනාවරණයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

බ්‍රිතාන්‍යයේ සිදුකළ පරීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණයවී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙරටින් සොයා ගැනුණු ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

කෙසේවෙතත් ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

 

Similar Posts