pabaya

එළඹෙන මාස් කන්නය ට පොහොර නොමැතිව ජලය නිකුත් නොකරන්නැයි බල කරමින් අපූරු ආකාරයේ විරෝධතාවක් පොලොන්නරුව ජයන්තිපුර දි ඊයේ (12) පැවැත්විණ.

මෙම විරෝධතාව පවත්වා තිබුණේ  විරෝධතා පුවරු ‍රැගත් පඹයන් පිරිසක් විසිනි.

ජයන්තිපුර හන්දියේ සිට නාග පොකුණ හන්දිය දක්වා පඹයන් සි‍ටුවා එහි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර පොහොර නැත්නම් වතුර එපා.මොලේ නැති වුන් පාර්ලිමේන්තුවේ,නිසි වේලාවට පොහොර ලබා දෙනු, ගොවියා අනාතයි කුඹුරුත්  විනාශයි.ආදී විරෝධතා පුවරු එම පඹයන් ගේ ගෙල වටා එල්ලා තිබුණි.මෙම පඹයන් සදහා පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා දේශපාලනඥයෙකුගේ ද ඇදුම් අන්දවා පඹයන් කිහිපයක් ම සි‍ටුවා තිබුණි.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි

 

 

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts