pasipic

ඉතාමත් පහසුවෙන් නව තාක්ෂණය සමග මුසුව  ක්‍රියාත්මක කළ හැකි පැසිපික් සුදු ඉස්සන් ටැංකි තුළ වගා කිරීමේ ව්‍යාපෘතියක්  ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බව ජල ජීවි වගා ව්‍යාප්ති අංශය පියවර ගෙන තිබේ.

කෘෂිකර්ම අංශ නව්‍යකරණ  ව්‍යාපෘතිය  හා ජාතික ජලජීවි වගා  සංවර්ධන අධිකාරිය  ඒකාබද්ධව  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක  කෙරේ.

රවුම් ටැංකි ව්‍යාපෘතියක් සඳහා  රුපියල්  මිලියන 04ක පමණ දල ප්‍රාග්ධන ආයෝජන මුදලක් වැය වන අතර 50%ක ගැලපුම් ප්‍රදානයක්  කෘෂිකර්ම අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් ලබාදේ .

සාමාන්‍ය ඉස්සන් පොකුණකට වඩා  වාසි කිහිපයක් මෙමඟින් වගාකරුට හිමි වන අතර  අඩු ඉඩම් ප්‍රමාණයකින් අඩු බලශක්තියක් සහ අවම ශ්‍රම සම්පතක් භාවිතා කරමින් මෙම වගාවන් සිදු කළ හැකිය.

පොකුණු ඒකාබද්ධව නොපැවතීම නිසා රෝග හානි අවම කර ගැනීමට හැකි වන අතර  පොකුණු ඉදි කිරීමට පස්  සම්බන්ධව ගැටලුවක් නොමැත.

මෙම වගා ව්‍යාපෘතිය තුළ  අස්වැන්න කොටස්  වශයෙන්  ලබා ගැනීම නිසා අලෙවිය පිළිබඳ ගැටළුවක් මතු නොවන අතර ඉස්සන් තැන්පතු ඝණත්වය  සාමාන්‍ය පොකුණකට වඩා වැඩි බැවින් ඉස්සන් අස්වැන්න ප්‍රමාණය ඉතා ඉහළවේ.

මෙම ව්‍යාපෘතිය සඳහා කැමැත්ත දක්වන  ආයෝජකයන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල   මාර්ගයෙන් හඳුනාගෙන ඔවුන් ව්‍යවසායකයන් වශයෙන් ගොඩනැඟීමට මෙමඟින් අකේෂා කෙරේ.

බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

Similar Posts