govi sanvidana

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට කළ හානිය ලබන 25 දාට පෙර පිළිසකර කර අවසන් නොකළ හොත් ගොවි සංවිධාන සියල්ලම වැව් බැම්ම මතට පැමිණෙන බව පොලොන්නරුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හා පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ගොවි සංවිධාන සභාපති ඩබ්.අරුණ කීර් ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ය. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද කීය.

“පරාක්‍රම සමුද්‍රය කියන්නේ කාගෙවත් එකක් නෙමෙයි ඒක අපේ වැව. ගොවියාට තියෙන ප්‍රශ්න කිසි දේකට උත්තර දෙන්න සල්ලි නෑ කියන ආණ්ඩුවට ජොගින් කරන්න සල්ලි තියෙනවා. අපි ඒ මං තීරුව හදනවාට විරුද්ධ වුණා.  ඒක හදන්න දෙන්නේ නෑ කිව්වා .හදන්න එපා කිව්වා දැනට මං තීරු හැදිල්ල නතර කරලා තියෙනවා. හැබැයි ඒක තාවකාලිකයි කියනවා. අපි කියනවා මේක අපි කරන්න දෙන්නේ නෑ.

දැන් කාලගුණ දෙපාර් තමේන්තුව මේ මාසේ අග වෙනකොට වහින්න ගන්නවා කියලා කියනවා. තාම මේ මං තීරුව හදන්න ගලවපු රළපනා ගල් බැම්මේ පළුදු කරපු තැන් වහන්නේ නැතුව තිබුණොත් ලොකු විනාශයක් වෙනවා. අපි මේ මාසේ 25 දා වෙනකල් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා.  25 වෙනිදා වෙනකොට අපේ වැවේ වැව් බැම්ම තිබුණු විදිහට හැදුවේ නැත්තං අපේ සමස්ත ගොවි සංවිධානවල ගොවියෝ සියලු දෙනාම තීන්දුවකට එනවා. 25 දා වෙනකොටවත් අපේ වැව නැවත පිළිසකර කරලා අවසන් කරගන්න ඕන. අපට දැන් කියන්න කෙනෙක් නෑ. අපේ ගැටලු අහන්න කෙනෙක් නෑ. අපි සමස්ත ගොවි ජනතාව ම වැව් බැම්මට එනවා.

 

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Similar Posts