dinsh

ශ්‍රී ලංකා මාතාව රනින් බබළවමින් පැරාලිම්පික් වංශකථාව වර්ණවත් කළ දිනේෂ් ප්‍රියන්ත හේරත් ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඊයේ (30) ලෝක වාර්තාවක් ද සමග රන් පදක්කමක් දිනා ගත්තේය.

මෙය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ අන්තර්ජාතික මට්ටමේ දැවැන්ත ක්‍රීඩා උලෙළකදී හිමි වූ පළමු රන් පදක්කම මෙන්ම මුල්ම ලෝක වාර්තාව ලෙසද සටහන් වෙයි. මෙය පැරා මලල ක්‍රීඩකයෙකුට තම ජීවිතයේ දිනාගත හැකි උපරීම ජයග්‍රහණයක්වීම විශේෂත්වයකි.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේදී දිනේෂ් ප්‍රියන්ත තම පළමු උත්සාහයේදී මීටර් 62.58ක් දුර හෙල්ල විසිකරමින් රන් පදක්කමට ළංවූ අතර තෙවැනි උත්සාහයේදී මීටර් 67. 79ක් විසිකොට පැරාලිම්පික් F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ලෝක වාර්තාව පිහිටුවිය.

පසුගිය 2016 රියෝ පැරාලිම්පික් උලෙළේදී දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝකඩ පදක්කම දිනා ශ්‍රි ලංකාවට ගෞරවය ගෙනදුන් අතර මෙවර ඔහු පිහිටුවූ ලෝක වාර්තාව F46 කාණ්ඩයේ වැලමිටෙන් පහළ අතක් අප්‍රාණික හෝ අහිමි යන ක්‍රීඩක වර්ගීකරණය වේ.

Similar Posts