rohitha

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පවරා සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට අරගෙන ඇති බවත් තවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරගන යන අතර මීටත් වඩා තවත් හොයල අත්අඩංගුවට ගන්නවනං ඉතිං ගන්න තියෙන්නෙ හිටපු කැබිනට් මණඩලය පමණක් යැයි,“ වරාය හා  නාවික කටයුතු පිළිබද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා  පවසයි.

මතුගම, කරම්පෑතර  අභයරාජ මහා විහාරස්ථානයේඅභිනවයෙන් ඉදිකල  27 රියන් උසැති හිටි පිළිම වහන්සේ බිනර පුන් පෝදින  නිරවරණය කිරිමෙන්  පසු  ඔහු මෙම අදහස් පල කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක් වු ඔහු,

“ චම්පික  රණවක මහත්තය කතා කරන්නෙ පසුගිය ආණ්ඩුවෙ හිටපු නැති කෙනෙකු විදිහටයි. චම්පික පසුගිය ආණඩුවෙ වග කිවයුතු කැබිනට් ඇමති වරයෙක් බව දැන් එයාට අමතක වෙලා ගිහිල්ලා. චම්පික කැබිනට් මණ්ඩලේ වාඩිවෙලා සිටියදි තමයි මේ පාස්කු ප්‍රහාරය සිදුවුණේ. පාස්කු ප්‍රහාරය පිළිබද කිසිම වගකිමක් ඉටුනොකල  ආණ්ඩුවක  හිටපු චම්පික  දැන් එක එක කතා කියවන්න පටන්ගෙන තියෙනවා. එදා පූස් පැටිය වගේ හිටියා. මේ ජිවිතවලට වග කියන්න ඕනා යහපාලන ආණ්ඩුවයි.පසු ගිය ආණ්ඩුවෙ නායකයින් මේක දැන දැනත් මේ ප්‍රහාරය සිදුවෙන්න දි පැත්තකට වෙලා හිටියා. දැං තොත්ත බබ්බු වගේ කතා කරනවා.

පාස්කු ප්‍රහාරය  නැත්නං වෙන මොකක් හරි අල්ලගන ආණ්ඩු විරෝධි රැල්ලක් හදන්න බලවා.බලය ගන්න ජාතිය, ආගම,‍ පුළුවන් කමක් තිබුනොත් කුලය හරි ඇදල ගන්න තැනකට අද චම්පික රණවක පත්වෙලා තියෙනවා. මේගොල්ල ආණ්ඩු කරපු අයයි. මෙයාල ගැන රටේ මිනිස්සු හොදට දන්නවා.

සෝමරත්න පොද්දෙණිය  – මීගහතැන්න

Similar Posts