wajira

දුප්පත් ජනතාව නඟා සිටුවීමට ප්‍රමුඛත්වය දෙන අතර බදු සංශෝධන සහිත ජනතාව සංවර්ධනය කරන අයවැයක් ජනාධිපති මෙවර ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ප්‍රතිසංශෝධන අය වැයක් ලෙස මෙම අයවැය ඉදිරිපත් කරන්නේ පාරවල්, ගොඩනැගිලි හදන්නට නොව කන්න අඳින්න නැති ජනතාවට බත් කටක්,වස්තරයක් ගන්න ක්‍රමයක් හැදීමට බවද අබෙිවර්ධන මහතා කීය.

මන්දපෝෂණයෙන් පෙළෙන දරු පරම්පරාවක් බිහි වෙමින් තිබෙන අතර ඒ ගැටලුවලට විසදුමක් ලෙස ජනාධිපති බදු සංශෝධනත් සමඟ ජනතාව සංවර්ධනය කරන අය වැයක් ඉදිරිපත් කරන බවත් එයින් දුක්විඳින දරුවන්ගේ කුසගිනි නිවන්නට බලාපොරොත්තු වෙන බවත් වජිර අබෙිවර්ධන මහතා කීය.

Similar Posts