police
හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ජේ.එම් නිලන්ත යන නිලධාරියා ගාලු මුවදොර පිටියේ ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ඇදවැටී (26) වන දින උදෑසන මියගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය පැවසීය.

මියගිය, පොලිස් නිලධාරියා (42) හැවිරිදි දෙදරු පියෙකු වන අතර පස්සර, මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය පැවසීය.

මෙම නිලධාරියාට කලක පටන් හෘදයාබාධ රෝගී තත්ත්වයක් තිබූ බවත් බයිපාස් සැත්කමකට භාජනය වී තිබූ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොල්ලුපිටිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Similar Posts