ennathkaranaya

කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහනෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට ලැබුණු එන්නත් ප්‍රමාණය පුද්ගලයින් 25000කට පළමු හා දෙවන මාත්‍රා දෙකම සාර්ථකව ලබා දී අවසන් කිරීමට හැකි වූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි.

එන්නත්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට මාත්‍රා 25000ක් ඉකුත් ජුනි මාසයේ පළමු සතියේ ලැබුණ බවත් එය දින 3ක් ඇතුළත සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ මාර්ගෝපදේශ හා නියමයන් අනුව වයස අවුරුදු 60 ට වැඩි සහ අවදානම් රාජ්‍ය සේවාවල හා කර්මාන්තශාලා සේවකයන් පිරිසකටත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ටත් ලබා දුන් බව ද හෙතෙම කීය.ජුනි මස 8,9,10 යන දිනවල එහි පළමු මාත්‍රාවත් ජුලි මස 8,9,10 ,11 යන දිනවල දෙවන මාත්‍රාව ලබා දුන් බවත් හෙතෙම වැඩි දුරටත් කීය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාප ලෙස හදුනාගත් ප්‍රදේශවල විශේෂයෙන් ම තමන්කඩුව හා හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල අධි අවදානම් ග්‍රාමසේවා වසම්වල වයස අවුරුදු 60ට වැඩි ජනතාවට මෙම එන්නත් ලබා දුන් බවද හෙතෙම වැඩි දුරටත් කීය.

කිසිදු තදබදයක් නැතිව ඉතා සාර්ථකව මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ට පොලොන්නරුව දිස්ත්‍රික් ඩබ්.ඒ.ධර්මසිරි මහතාගෙන්  තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් හර්ෂ ජේ.බණ්ඩාර මහතාගෙන් හිගුරක්ගොඩ ප්‍රාදේශිය ලේකම් ප්‍රියදර්ශනි පුශ්පකුමරි මහත්මිය ඇතුළු පිරිසක් ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද විශාල සහායක් ලබා දුන් බව ද හෙතෙම පැවසීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts