death

පොලොන්නරුව වනජීවී කලාපය තුළ පමණක් මෙම වසරේ අලි මරණ 54ක් හා මිනිස් මරණ 13ක් වාර්තා වී ඇතැයි පොලොන්නරුව වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා පවසයි.

සහකාර අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිණි.එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ඉකුත් 2020 වසරේ පොලොන්නරුව වනජීවී කලාපයෙන් වාර්තා වූ මුලු අලි මරණ සංඛ්‍යාව 48ක් වුවත් මෙම වසරේ සැප්තැම්බර් 27 වන දා වන විට අලි මරණ 54ක් වාර්තා වීම කණගාඩුවට කරුණක් බවයි.ඉකුත් වසරේ අලි මිනිස් ගැ‍ටුම් හේතුවෙන් අහිමි වූ මිනිස් ජීවිත ගණන 19කි

කෙසේ වෙතත් වැඩි ම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ වැලිකන්ද,දිඹුලාගල ,ඇළහැර යන ප්‍රදේශවලින් බවත් අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් නිසා හක්කපටස් කෑමෙන් විදුලි සැර වැදීමෙන් වෙඩි තැබීමෙන් මෙසේ වැඩි පුරම අලි ඝාතනය වන බවයි.

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Similar Posts