viduli-sapauma sihina palapala sinhala

අද (07) දිනයේත් විවිධ ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකි බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ, කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් ඊයේ (06) රාත්‍රියේ සිට අක්‍රිය වීම හේතුවෙනි.

මේ හේතුවෙන් මෙගාවොට් 135 ක් ජාතික විදුලි පද්ධතියට අහිමිව ඇතැයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආර්.එම්. රණතුංග මහතා ප්‍රකාශ කළේ ය.

ඒ හේතුවෙන්, දෛනික විදුලි ඉල්ලුම වැඩිවීමත් සමග අද දිනයේත් විවිධ ප්‍රදේශ වලට විදුලිය විසන්ධි විය හැකි බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ.

Similar Posts