stop

නොවැම්බර් 16 වනදා සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) නිකුත් කළේය.

එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය.

නිවසින් බැහැරට යෑම හැකිතාක් දුරට අඩුකරන ලෙසත් ඔහු ඉල්ලා සිටී.

*අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා එම පන්ති පවත්වන ස්ථානයේ ධාරිතාවයෙන් 50%ක් සහිතව අවසර ලබාදී තිබේ.

*එසේම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමට ද අවසර හිමිවේ.

*මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව ඊයේ( 15) රාත්‍රී 12.00  සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ පස්වරුවේ නිකුත් කරනු ලැබීය.

 

Similar Posts