Quarantine

හැටන් නගරයේ සමහර වෙළද ව්‍යාපාරිකයන් සෞඛ්‍ය උපදෙස් මෙන්ම නිරෝධාන නිති නොතකා තම ව්‍යාපාර කටයුතු පිලිබදව කටයුතු කිරිමත් සමග හැටන් නගරයේ කොවිඩ් 19 වසංගතය වර්ධනය විමේ අවදානමක් හට ගෙන ඇත.

හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 15 දෙනකු පමන හදුනා ගැනිමත් සමග හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් මෙන්ම හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින්ද වරින් වර සමාජ දුරස්ථබාවය තබා ගැනිමත් මුඛ ආවරණ පැලදිම පිලිබදවත් කොතෙක් දැනුවත් කලද නගරයේ සමහර වෙලදුන් තම මඩිය තර ගැනිමේ අරමුණ මත සමාජ සුරස්ථබාවය තබ දොයිතුවකට මායිම් නොකර වෙලද කටයුතු කරන ආකාරයක් 13වන දිනද දැක ගැනිමට හැකි විය.

දිපවාලි උත්සව සමය තුලදි හැටන් නගරයේ පදික වෙලදාම් මුලු මනින්ම  තහනම් කර තිබුනද  සමහර වෙලදුන් එම නිතියන්ද මායිම් නොකර පදික වේදිකාවල වෙලදාම් සිදු කරන අතර සමහර පදික වෙලදුන් මුඛ ආවරණද නිසි ලෙස පැලදිමකින් තොරව තම පදික වෙලදාම් සිදු කරන අයුරුද දැක ගත හැක.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන නගරයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් නගරය තුල නිති දැමුවද එම නිති නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත් මෙම තත්වයන් මත මෙහි කොවිඩ් 19 පැතිර යාමේ වැඩි ඉඩ කඩක් පවතින බවත්ය.

එමෙන්ම මෙහි සමහර වෙලදුන්ට කොතෙක් උපදෙස් ලබා දිමක් සිදු කලද එම උපදෙස් පිලි නොපැද තම වෙලදාම ගැන පමනක් සිතන බවත් එම තත්වයන් මත මෙම වෙලදුන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට අදාල නිලධාරින් පියවර ගත යුතු බවත්ය.

කෙසේ වුවද මේ වන විට හැටන් නගරය යනු නිතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන නගරයක් බවට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

පදික වෙලදාම් තහනම් කර තිබියදි සිදු කරන පදික වෙලදාම් පිලිබදව හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඒ. සරවනබවාන් මහතාගෙන් කරන ලද විමසිමකදි අදහස් දක්වමින් ඔහු පවසන ලද්දේ පදික වෙලදාම් තහනම් කර තිබියදි සිදුකර පදික වෙලුන් ඉවත් කිරිමට පියවර ගන්නා බවත්ය.

මේ වන විට නගර සභාවේ බොහෝ සේවක පිරිසක් නිවාඩු ලබා ගොස් ඇති බවත් එම තත්වයන් මත මෙම පදික වෙලදුන් ඉවත් කිරිම පමාවු බවද ඔහු වැඩි පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts