wessa

ඇදහැලෙන  ධාරානිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක මාර්ග සහ අතුරු මාර්ග කීපයක් අද (05) දහවල් වනවිට ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබණි.

මතුගම  – ,වළල්ලාවිට මාර්ගයේ වෙදවත්ත  ප්‍රදේශය ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබිණි. පාලින්දනුවර,  අගලවත්ත  වළල්ලාවිට  සහ බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කීපයක පහත් බිම් ජලයෙන් යටව තිබිණි.

කළුතර දිස්ත්‍රික්කයේ ගංගා රැසක ජල මට්ටම් ඉහළගොස් තිබු අතර හදිසි ගංවතුර තත්වයක් ඇතිවුවහොත්  ඊට  මුහුණ දීමට ආපදා කළමනාකරණ අංශ සුදානමින් තබා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

 

එස්. පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts