ukren

රුසියාව විසින් යුක්‍රේනය ලබන බදාදා වන විට ආක්‍රමණය කරනු ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ කියයි.

එළැඹෙන 16දා යුක්‍රේනයේ අගනුවර ඉලක්ක කරගනිමින් රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ඇතැයි ද එම බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය කියයි.

මේ තත්ත්වය යටතේ යුක්‍රේනයෙන් වහාම ඉවත් වන්නැයි බ්‍රිතාන්‍යය, යුක්රේනයේ සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.

රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය තව දුරටත් වැඩි කරමින් රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයක් යුක්රේන දේශ සීමා වෙත රුසියාව යවා ඇතැයි වාර්තා වෙයි.

බටහිර බෙල්ගොරොඩ් ප්‍රදේශයේ රුසියානු හෙලිකොප්ටර් පියාසර කරන අයුරු වීඩියෝ දර්ශන මගින් තහවුරු කර තිබේ.

බටහිර රුසියාවේ විවිධ ස්ථානවල කමොව් කේ.ඒ 52,එම් අයි 8එස් සහ එම්.අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පියාසර කරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයන්හි සැරිසරන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

Similar Posts