මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගනිමින් දිවයිනේ දෙවන ස්ථානයට පත් වීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ලකිති විහංගා විජේරත්න සිසුවිය සමත් වී ඇත. ගාල්ල දංගෙදර ප්‍ර දේශයේ පදිංචි ඇය දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණියයි.

මම ඇත්තටම විභාගයට ගොඩක් මහන්සි වුවා. ඒ මහන්සියේ ප්‍රතිළුල ලැබිලා තියනවා. මගේ පාසල සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ගුරුභවතුන් මේ ජයග්‍රහණ වලට විශේෂ වැඩ පිලිවෙලක් සකසා තිබුණා. අද ඒ ප්‍රතිළුලය ලැබී තියෙනවා. ඇත්ටම හරිම සතුටුයි. මගේ අනාගත බලාපොරොත්තුව තාරකා විද්‍යාඥයෙක් වෙන්න. තමන් ලබපු ජයග්‍රහණයේ සතුට ලකිති විහංගා සිසුවිය වචන වලට පෙරලුයේ එසේය.

වැඩිදුරටත් සිය සතුට අප සමඟින් පැවසු ලකිති විහංගා විජේරත්න සිසුවිය මෙසේ ද පැවසීය. මගේ අම්මා ජී.කේ. දිස්නා විජේරත්න එයා රජයේ පාසල් ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරියක්. මගේ තාත්තා බුමින්ද හිරාන් විජේරත්න එයා වරාය අධිකාරියේ වැඩ කරන්නේ. මේ දෙන්නාම මේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ පස්සෙන්ම හිටියා. මට තව නංගියෙක් ඉන්නවා. එයාත් මට ගොඩක් ආදරෙයි.

මම පෞද්ගලික පංති වලට සහභාගී වුනා. රූපවාහිනීයේ නම් බැලුවේ අධ්‍යාපනික වැඩ සටහන් විතරයි. අම්මා ඒ බලන්න ඕන වැඩ සටහන් මට කියලා දුන්නා.  මගේ සංඝමිත්තා විද්‍යාලයේ පලමු වසරේ මිස් දීප්ති පරණවිතාන ගුරුතුමිය තුන වසරේ මිස් එරන්දි ප්‍රේමචන්ද්‍ර ගුරුතුමිය වගේම දැනට මගේ පංති භාර ගුරුතුමිය වන අමරසීලී මිස් මගේ මේ ජයග්‍රහණයට ගොඩක් උදව් කර අය.

විශේෂයෙන්ම අපේ පාසලේ විදුහල්පතිතුමිය හා ගුරුවරුන් පාසලෙන් පසුවත් විශේෂ වැඩසටහන් යොදලා අපිට ඉගැන්නුවා. පරණ ප්‍රශ්න පත්‍ර විශාල වශයෙන් සාකච්ඡා කරා.

එවගේම අපේ ගුරුවරුන් හැම පොතක්ම බැලුවා. ඒ නිසා අපේ වැරදි හදාගන්න අපිට පුළුවන් වුනා. මම පසුගිය වසරේ ඉංග්‍රීසි දින නාට්‍ය තරඟාවලියට එක්වුනා. එහි දී පළාත් ප්‍රථම ස්ථානය සංඝමිත්තා විද්‍යාලයට ජයග්‍රහණය ලබා දෙන්න අපිට හැකිවුනා.

මේ ජයග්‍රහණයට උදව් වුන ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිතුමිය චාන්දනී උඩකුඹුර මහත්මිය, මගේ සියළුම පාසල් ගුරුවරුන්, පෞද්ගලික පංති ගුරුවරුන් , දෙමාලියන් නෑදෑයින් ඇතුළු සියළු දෙනාට ස්තූති වන්ත වෙනවා. අනාගතයේ දී තාරකා විද්‍යාඥයෙක් වෙලා මගේ පාසල සංඝමිත්තා විද්‍යාලයටත් රටටත් කීර්තියක් ගෙන එන්නට ආසයි.

ඒ පුංචි කැකුලියගේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

සටහන හා ඡායාරූප – බෝගහගොඩ ඒ.ඩබ්ලිව්.ඒ නිමල්

Similar Posts