law

පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සඳහා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයක මුදලක් සහ ලිංගික අල්ලසක් ඉල්ලා ලබා ගැනීමට උත්සාහ දැරු බව කියන වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපති ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 10 වනදා නියෝග කළේය.

මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිව සිටි පන්නල පදිංචි ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලින්ද උපුල් පතිරත්න මහතාය.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ හිටපු යුද හමුදා සාමාජිකාවක වන අතර, ඇය විවාහයෙන් වෙන්වී සිටින්නියක බවත්, ඇයගේ අක්කර 07ක ඉඩමක් ස්වාමිපුරුෂයා විසින් විකුණනු ලැබීම හේතුවෙන් මෙම ආරවුල ආරම්භ වී ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 

sinhala news today sri lanka

 

Similar Posts