shooting

තිරුක්කෝවිල් පොලිසියට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් එම පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙකෙු මිය ගොස් තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අක්කරෙපත්තුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

සැකකාර පොලිස් සැරයන්වරයා ඊයේ රාත්‍රීයේ එම වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු ඇතිමලේ පොලිස් ස්ථානය වෙත ගොස් භාර වී තිබෙනවා.

 

Similar Posts