shooting

මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ දරා ඇති බවය.

ඇති වූ තත්ත්වය පාලනය සඳහා වෙඩි තැබීමක් ද සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ, මහර බන්ධනාගාරය අසලට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවය.

Similar Posts