sinhala hot news

ලබන 22 වැනිදා සිට 6 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීම හේතුවෙන් ”සිසු සැරිය” බස් රථ 1400ම ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

දරුවන් අතර කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය මත නැවතත් රටේ පාසැල් පද්ධතිය වසා දැමීමට සිදු වීමේ හැකියාවක් ඇති බවද හෙතෙම පැවසීය.

මේ හේතුවෙන් වැඩිහිටියන් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බවත් වෛරසය නිවස රැගෙන යාම වළක්වා ගැනීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු උපුල් රෝහණ මහතා,

“මේ සතිඅන්තයේ විශාල ප්‍රමාණයක් විනෝද චාරිකා ගමන්කරන ආකාරය පෙනෙන්ට තිබෙනවා. ඒ වගේම සතිඅන්තය ගතකිරීම සඳහා නොයෙකුත් ප්‍රදේශවලට ගමන් කරන බව පෙනෙන්නට තිබෙනවා.

කෙසේවෙතත් මේ වෙද්දි ලංකාවේ බොහෝ ප්‍රදේශවල විනෝද චාරිකා ගමන්කරන පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරනවා.

විශාල වශයෙන් වාර්තා වෙනවා වැව් ආශ්‍රිතව ඒ වාගේ ස්ථානවල විනෝද වෙමින්, දියනාමින් කටයුතු කරනවා. සතිඅන්ත නිවාඩුව ගත කරන්න ඔබ කොහේ හරි ගිහිල්ලා ඉන්නවා නම් ඒ සෑම ස්ථානයකම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා ඉල්ලනවා.

ඔබගේ වගකීම් යුතු හැසිරීම මේ සතිඅන්තයේ, ඉදිරියේදී නත්තලට රට වසාදමනවාද ? පාසල් වසාදමනවාද ? කියන එක තීරණය වෙනවා ඒ නිසා වගකීමෙන් කටයුකු කරන්න කියලා ඉල්ලනවා.”

 

 

Similar Posts