kasalre

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන විට සිග්‍රයෙන් ඉහළ යමින් පවති.

දැනට දින කිපයක් පුරාවට මෙම ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්‍ර ලෙස ඉහළ යමින් පවති.

kasalre1

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් සමග මෙසේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්ය.

පවතින වැසි තත්වයන් හේතුවෙන් විදුලි පුර විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය පිටාර ගලන බවත් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බවත් මෙම තත්වයන් මත එම ජලය ගලා බසින කැලනි ගංගාවේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවත්ය.

මෙම ජලාශවල ජලය උපයෝගි කර ගෙන ජල විදුලිය නිපදවිම මේ වන විට උපරිම මට්ටමේ සිදු කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

sinhala news sri lanka

Similar Posts