kelani-river

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැළණි ගග පිටාර ගැලීම හේතුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ කඩුවෙල, කොලොන්නාව ඇතුළු බියගම, වත්තල, රුවන් වැල්ල දෙහිඕවිට, සීතාවක වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම්වල සුළු ගංවතුර අවධානමක් පවතින බවයි.

මහඔයේ ජල මට්ටම ඉහළයාම මතා වරදගොල්ල, නාඋල්ල, දිවුල්දෙණිය, වැලිහිද ග්‍රාමසේවා ප්‍රදේශද අලව්ව, මීරිගම, වෙන්නප්පුව, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්ද ජලයෙන් යටවීමේ අවදානමක් ඇතිව තිබේ.

මහඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරාම්මල සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත්බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ වන විටත් ගිරිඋල්ල නගරය ජලයෙන් යට වී ඇති අතර, ඒ හේතුවෙන් මීගමුව – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාල වී තිබෙනවා.

එසේම අලව්ව නගරය ද මේ වන විට ජලයෙන් යට වී ඇති අතර, කොළඹ – කුරුණෑගල මාර්ගයේ ගමනාගමනයට ද ඒ අනුව බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ .

එමෙන්ම, හලාවත – මැරවල, බණ්ඩරවත්ත, පම්බල ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර, හලාවත මහරෝහලේ වාට්ටු කිහිපයක් ද ජලයෙන් යට වී තිබෙනවා.

Similar Posts