somawathi nelum vila

සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි නෙළුම් විල නම් වැවෙහි මසුන් මරමින් සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිඩ්නි ජයරත්න මහතා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ  (18) සවස  අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී  සහකාර අධ්‍යක්ෂ කාර් යාලය පවසයි.

පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර් යාලයේ විශේෂ වැටලීම් ඒකකය හා පොලොන්නරුව,සෝමාවතිය, සුන්ගාවිල අඩවි කාර් යාලවල නිලධාරින් පිරිසක් ද පොලිස් විශේෂ කාර් ය බලකායේ පිරිසක් ද එක්ව මෙම වැටලීම සිදු කර ඇත.

වැටලීම සිදු කළ අවස්ථාවේ දින කිහිපයක් වාඩි ලාගෙන උයා පිහාගෙන කමින් මත් පැන් පානය කරමින් සිට ඇති අතර පිරිසක් නෙලුම් විල නම් වනෝද්‍යානයේ පිහිටි ජලය සිදී ගිය වැවෙහි මසුන් මරමින් සිට ඇත.

සැකකරුවන් සමග යතුරුපැදි 08ක් මාලු ඇල්ලීම සදහා යොදා ගත් දැල් ආම්පන්න,කූඩාරම් ගැසූ ද්‍රව්‍ය,ආහාර පිසීමට යොදාගත් හට්ටි මුට්ටි ඇතුළු නඩු භාණ්ඩ රැසක් ද අත් අඩංගුවට ගෙන තිබේ.කසිප්පු පානය කරමින් දින කිහිපයක් තිස්සේ මසුන් මරමින් විනෝද වෙමින් මෙම පුද්ගලයින් වනෝද්‍යානය තුළ සැරි සරා ඇති බවත් සැකකරුවන් සියලු දෙනාටම වනජීවී බලතල අනුව ඇප ලබා දීමට කටයුතු කළ බවත් සදහන් කරයි.

පොලොන්නරුව වනජීවී කලාප කාර් යාලයේ සහකාර අධ්‍යක්ෂ කීර් ති චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් පරිදි විශේෂ වැටලීම් ඒකකයේ වනසත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා ඇතුළු පිරිසක් ද පොලොන්නරුව, සුංගාවිල,සෝමාවතිය යන අඩවිවල නිලධාරින් හා අරලගංවිල පොලිස් විශේෂ කාර් ය බලකායේ නිලධාරින් පිරිසක් ද මෙම වැටලීම සිදු කළ හ.

somawathiya somawathiya

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Similar Posts