රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 9ක අති විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත්විය.

මෙය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ලැබූ තුන්වැනි ජයග්‍රහණයයි.

ඉන්දියාවේ රායිපූර්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක ටී.එම්. ඩිල්ෂාන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5 ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 89ක් පමණි.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම දෂ්කම් පාමින් අතීත මතකයන් සිහිගන්වමින් තරගය ජය ගත්තේ, පන්දුවාර 13යි පන්දු 2ක් අවසානයේදී කඩුල්ලක් පමණක් දැවී තිබියදීය.

නුවන් කුලසේකර, රංගන හේරත් සහ සනත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ පළමු කඩුල්ලට නායක ටී.එම් ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ලකුණු 23ක සබඳතාවක් ගොඩනැගුවා.

සනත් ජයසූරිය ලකුණු 8යි.

අනතුරුව නායක ටී.එම්. ඩිල්ෂාන් සමග පිටියේ ස්ථාවර වූ උපුල් තරංග දෙවැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවක් ගොඩනැගුවා.

තරංග නොදැවී ලකුණු 27යි.

ඩිල්ෂාන් පන්දු 40කින් නොදැවී ලකුණු 50ක් රැස් කළා.

 

Similar Posts