sri lanka sinhala news

එළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02.00ට අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙය වන අතර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය වේ.

2022 වසරේ ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් බිලියන 2505.3ක් ලෙස විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වූ අතර, 2021 වසරේ වියදම වන රුපියල් බිලියන 2538කට සාපේක්ෂව ලබන 2022 වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33කින් අඩු කර තිබීම විශේෂත්වයක් වේ.

 

sri lanka sinhala news

Similar Posts