Similar Posts
දැඩි හිරු රශ්මියත් සමඟ යාපනයේ සීනි කැකිරිවලට හොඳ ඉල්ලුමක්
මේ දිනවල පවතින දැඩි හිරු රශ්මියත් සමඟ යාපනයේ සීනි කැකිරිවලට හොඳ ඉල්ලුමක් ලැබී තිබේ. පසුගිය කාලවලදී සීනි කැකිරි කිලෝ එකක් රුපියල් 120ට අලෙවි වූවත් මේ දිනවල කිලෝ එකක් රුපියල් 300 – 400ත් අතර මිලකට අලෙවි වන බවයි වාර්තා වෙයි. මේ නිසා උතුරේ සෑම දිස්ත්‍රික්කයකම සීනි කැකිරි වාර්ෂිකව වගා කිරීමට ගොවීන් පුරුදු වී සිටියි.
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. “රටකි – දැයකි – ලොවකි ඇය” යන්න මෙවර එහි තේමාවයි. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අද පෙරවරුවේ බේරුවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් ඇයගේ සතිය නමින් දින 7ක වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවයි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසුවේ. මේ අතර ජාත්‍යන්තර කාන්තා…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රජයෙන් මුල්‍ය සහන
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂි මූල්‍ය සහනයක් ලබාදීමේ ක්‍රියාපිළිවෙලක් ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. මූල්‍ය යහපැවැත්මට සහායවීමේ අරමුණින් අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පොලිය මත අඩුකරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇත. බැංකු හෝ මූල්‍ය ආයතන විසින් පොලී ආදායම මත අඩු කරන ලද සියයට…
පෙළ පොතට අපරාධ නීතිය
පාසල් අධ්‍යාපනය සඳහා අපරාධ නීතිය ඇතුළත් කිරීම පිළිබඳ යෝජනාවක් අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ, අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10 වැනිදා) පැවැති අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ඉදිරිපත් වී තිබේ. අපරාධ නීති පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව ළමයින් සම්බන්ධව පනවන නීතිරීති සංශෝධනය කිරීමට මෙහිදී යෝජනා වී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. අධිකරණ කටයුතු පිළිබඳව වූ…
මාතර බන්ධනාගාරයේදී පිරිතක්
රටට, ජනතාවට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු සියලු බන්ධනාගාර නිලධාරීන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ බන්ධනාගාර රැඳවූවන්ට සෙත් පතා මාතර බන්ධනාගාරය විසින් සංවිධානය කරන ලද සර්වරාත්‍රිත පිරිත් පින්කමක් හා සංඝගත දක්ෂිණාවක් පසුගියදා මාතර බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්විණි. මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිටිය මහතා ඇතුළු නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මේ පින්කමට මාතර මන්තින්ද මහ පිරිවෙනෙහි…