sripadaya

හෙරොයින් හා අයිස් නැමති මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයන් දෙදෙනකු 14වන රාත්‍රියේ නල්ලතන්නිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන පිරිස් පරික්ෂා කිරිමේදි හෙරොයින් හා අයිස් නැමති මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට ගත් බවත්ය.

දෙහිවල සිට පැමිනි අවුරුදු 27ක් පමන වයැසැති පුද්ගලයකු හෙරෝයින් මිලි ග්‍රැම් 92ක් සමගද ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිනි අවුරුදු 28ක් වයසැති පුද්ගලයකු අයිස් නැමැති මත් ද්‍රව්‍ය මිලි ග්‍රැම් 50ක් සමග අත් අඩංගුවට ගත් බවද එම නිලධාරියා පවසන ලදි.

මත් ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් මෙම දෙදෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts