tamil peoples alliance

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

වෛද්‍ය උපදෙස් මත ඔහු මෙම තීරණයට එලැඹ ඇති බව සඳහන්.

මේ අනුව, සම්බන්ධන් මහතා දේශපාලන සාකච්ඡා, මාධ්‍ය සාකච්ඡා හා අමුත්තන් හමුවීම යනාදී කටයුතුවලින් තාවකාලිකව ඉවත් වනු ඇති අතර, ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් ඉවත්වී ඇතත් දෙමළ ජාතික සංධානයේ නායකත්වයෙන් ඉවත් වීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.

ආර් සම්බන්දන් මහතා පසුගිය මහ මැතිවරණයේදී දෙමළ ජාතික සංධානයේ අපේක්ෂකයෙකු ලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පළමුවෙන්ම පත්වූයේ 1977 වර්ෂයේදීයි.

Similar Posts