dilum

ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව සරසවි උයන සිට මහනුවර දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකරන බවත් එහි ඉදිකිරීම් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එම වැඩපිළිවෙල තුළින්  වාහන තදබදයකින් තොරව දුම්රිය ඔස්සේ මහනුවරට ප්‍රවේශ විය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

නව ද්විත්ව දුම්රිය මාර්ගය නිසා මහනුවර දුම්රිය ස්ථානයේ මෙහෙයුම් දෙගුණයකින් ඉහළ නැංවීමට අවස්ථාව හිමි වන බව ද ඒ මහතා කීවේය.

කොළඹ – අවිස්සාවේල්ල කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් මේ වන විට සිදුවන බවත් හබරණ සිට කුරුණෑගල දක්වා දුම්රිය මාර්ගයක් ඉදිරියේදී ඉදිකරන බවත් ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts