kelanitissa power station

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකම මේ වනවිට අක්‍රීය කර තිබේ.

මේ හේතුවෙන් ඊයේ රාත්‍රි ප්‍රදේශ රැසක පැය එකහාමාරකට ආසන්න කාලයක් විදුලි බලය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයට සිදුවිය.

කැලණිතිස්ස බලාගාර දෙක අක්‍රීය කිරීමෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ඒකක ප්‍රමාණය මෙගාවොට් 282 කි.

බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන අද(20) දිනයේ ලැබුණහොත් කප්පාදුවකින් තොරව විදුලිය ලබාදිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

Similar Posts