protect unblocked porn

ගෘහස්ථ කම්කරුවන් සදහා දෛනික වැටුප රුපියල් දහසක් විය යුතු බවයි අප සංගමයේ ඉල්ලිම මේ වන විට හැටන් වැනි ප්‍රදේශවලින් පිට පලාත්වලට ගොස් සිටින සමහර ගෘහස්ථ කම්කරුවන්ට ගෙවන දෛනික වැටුප වන්නේ රුපියල් 100ත් 500ත් අතර මුදලක් මෙම මුදල ප්‍රමාණවත් නැති බවයි අපගේ හැගිම.

ප්‍රොටෙක් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මහතා මේ බව පවසන ලද්දේ හැටන්හි පැවත් මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව හැටන් ලාඇඩමස් ශාලාවේදි 09වන දින සවස පැවති අතර එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු කල්ප මධුරංග මහතා ගෘහස්ථ කම්කරුවන් අතරින් ගෘහ සේවිකාවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන අවස්ථා තියෙනවා මේ අයට සේවය කරන නිසි කාලයක් නැහැ ඔවුන්ට ඊ. පි. එෆ්. හා ඊ.ටි. එෆ්. ගෙවිමක් නැහැ මෙම තත්වයන් පිලිබදව අප සංගමය කම්කරු ඇමති තුමන් සමගද සකච්චා කර තිබෙනවා.

ගෘහ සේවිකාවන්ට නිති නොමැති අවස්ථාවක තමයි සි. 189 සම්මුතිය ගෙන ආවේ මෙය තමයි ලෝකයේ පලවන වතාවට ගෘහ සේවිකාවන් වෙනුවෙන් ගෙනආ සම්මුතිය මේ යටතේ ගෘහ සේවිකාව හා සේවා යෝජකයා අතර සේවා ගිවිසුමක් තිබිය යුතුයි එහි ගෙවන වැටුප, එය ගෙවන්නේ කේසේද, සේවා කාලය, විවේක කාලය, නිවාඩු ලබා දෙන්නේ කේසේද යන්න මෙම සේවා ගිවිසුමට අඩංගු විය යුතුයි.

එම සි. 189 සම්මුතිය නිතිගතවු විට කම්කරු දෙපාර්ථමේන්තුවට සිදු වෙනවා ඒ අනුව ගෘහගෘහ සේවක නිති සම්පාදනය කිරිමට එමෙන්ම සි. 190 සම්මුතිය තුලින් ගෘහ සේවකයන්ට කිසිම අයුරකින් හිංසනයන් සිදු නොවිය යුතු බවත් සදහන් වෙනවා.

එමෙන්ම මෙම සි. 190 සම්මුතිය යටතේ කාන්තාවන්ට පිරිමින්ට යම් ආයතනයක වැඩ කරන ස්ථානයේදි එම ආයතන කැන්ටිමේදි ආයතනය මගින් සපයන බස් රියේදි ආයතනයට සම්බන්ද යම් අයකුගෙන් සිදුවන හිරිහැර මෙන්ම ආයතන ප්‍රධානියාගෙන් කිසිදු හිරිහැරයක් සිදු නොවිය යුතු බවත් සදහන් වනවා.

මෙම සම්මුතින් කඩිනමින් නිති ගත කර එම සම්මුතින් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා ලෙස අපි කම්කරු ඇමතිවරයාගෙන් මෙන්ම කම්කරු දෙපාර්ථමේන්තුවෙන්ද ඉල්ලා තිබෙනවා.

අද සමහර ගෘහ සේවිකාවන් අවුරුදු 20ක් 30ක් වැඩ කරලා වැඩ කරන්න බැරිවන විට එම නිවසින් යන්න කියනවා මෙසේ සමහර අයට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ එම නිසා අපි යෝජනා කරන්නේ මෙසේ අවුරුදු ගනනාවක් වැඩ කරලා වයසට ගිහින් යන විට ආදාල හාම්පුතුන් විසින් වැඩ කරපු කාලයට සරිලන ලෙස යම් මුදලක් ලබා දිමට හැකිවන පරිදි නිති සකස් කල යුතු බවයි.

වතුකරයේ ආර්ථිකය නිසි ලෙස ශක්තිමත් නොවිම හේතුවෙන් වතු කරයේ බොහෝ පිරිසක් රට පුරා ගෘහ සේවයේ මෙන්ම වෙනත් කම්කරු රැකියාවලට ගොස් සිටිනවා එමෙන්ම මේ වතු කරයේ බාල වයස්කාරයන්ද විවිධ රැකිවල යෙදි සිටිනවා අද වන විට ඉතාමත් අඩු වැටුපකට බොහෝ නිවාසවල ගෘහ සේවයේ යෙදි ඉන්නේ මේ වතුකරයේ කාන්තාවන්මෙය කනගාටුවට කරුනක්.

මෙම තත්වයන් වෙනස් විය යුතුයි එම නිසායි අපි පඩි පාලක සභාවෙන් මේ ගෘහ සේවිකාවන් සදහා නිසි වැටුප් ක්‍රමයක් ඉල්ලා සිටින්නේ අප සංගමය මේ රජය සමග ඉතාමත් සහායෝගයෙන් මෙම ප්‍රශ්න පිලිබදව වැඩ කටයුතු කරගෙන යනවා අපි මෙය ජත්‍යත්‍රරයට ගෙන යාමට කටයුතු කරන්නේ නැහැ එයට වඩා ලෝක කම්කරු සංගමයේ සහය මත මෙම රජයේ සහායෝග ලබා ගෙන මෙම ප්‍රශ්න නිරාතරනය කර ගැනිමටයි අපගේ උත්සහාය වන්නේ.

ගෘහ සේවිකාවන්ට පවතින මෙම ප්‍රශ්න විසදා ගැනිමට අපි රජය සමග ඉතා සහායෝගයෙන් කටයුතු කරන අතර ගෘහ සේවිකාවන්ට බලපාන මෙම ප්‍රශ්න දෙස අප සංගමය විශේෂ අවදානය යොමු කරන්නේ ප්‍රොටෙක් සංගමය ගෘහ සේවිකා ප්‍රශ්න පිලිබදව දැඩි අවදානයක් යොමු කරන සංගමයක් නිසායි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts