unlock

රට පුරා පැවැත්වෙන ගුරු උද්ඝෝෂණ, ගොවි උද්ඝෝෂණ, දෙමාපිය උද්ඝෝෂණ, විරෝධතා, දේශපාලන රැස්විම් තුළින් යළිත් රටපුරා කොවිඩ් රැල්ලක අවදානමක් මතුවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සියලු උද්ඝෝෂණ, විරෝධතා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් පැවැත්වීම කණගාටුදායක බවයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.

කෙටි දුර සේවාවේ යෙදෙන බස් රථවල මගී ජනතාව ‘පොල් පටවාගෙන’ මෙන් ධාවනයේ යෙදෙන බවත්, කොවිඩ් 19 හතරවන රැල්ල දිපාවලි උත්සවයත් සමග පැතිර යාමේ අවධානමක් පවතින බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසයි.

Similar Posts