dr.padeniya

කොවිඩ් වසංගතය හේතුවෙන් වසාදමා තිබෙන රජයේ පාසල් විවෘත කිරීම හා එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත් ලබාදීමට නිර්දේශයක් ලැබි නැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති හා ළමා රෝග ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ මිහින්තලයේ පැවති උත්සවයකට (27දා)සහභාගි වෙමින් මාධ්‍යවේදින් යොමු කළ පැණයන් කිහිපයකට පිළිතුරු සපයමිනි. එහිදි වැඩිදුරටත් කථා කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා.

වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම පිළිබදව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විවිධ දුර්මතයන් පැතිරි යනවා. නමුත් එන්නත් පිළිබදව අනුකමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානය සී.ඩී.සි ආයතනය ඔක්ස්ෆර්ඩ් මයෝමින් කියන ආයතන නිර්දේශයන් ලබාදීලා තියනවා. ෆයිසර් එන්නත තමයි දරුවන්ට නිර්දේශිත එන්නත කියලා.

අපි කාණ්ඩ තුනක් යටතේ එන්නත ලබාදිම සිද්ධවෙනවා ඒ අවුරුදු 12-19 කාණ්ඩය. එහිදි දීර්ඝ කාලීන රෝග තියන අයට ප්‍රමුඛතාවය ලබාදීමට පියවර ගෙන තියනවා. ඊට ප්‍රධාන හේතුව තමයි එම කණ්ඩායම අවධානමකට ලක්නොකර පාසල් ආරම්භයේදිම ඔවුන්ට සම අවස්ථාව ලබාදීමට කටයුතු කිරීම.

වයස අවුරුදු 15ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායේ අනුමැතිය ලබාගෙන අවශ්‍ය ඉදිරි කටයුතු කරනවා වගේම එන්නත් මිලියනක් ඉදිරියේදි රටට ලැබෙනවා.ඒ අනුව අපි වයස අවුරුදු 19-18-17 කියන වයස් කාණ්ඩයන්ට එන්නත් ලබාදිම සිදුකරනවා.අනතුරුව 12-15 කියන වයස් කාණ්ඩයට එන්නත දෙනවා.

සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දුර්මතයක් පැතිර යනවා මේකෙන් දරුවන්ට භායනක ප්‍රථිපල වලට මුහුණ දෙන්න වෙනවා කියලා.නමුත් ලෝකයේ මතය තමයි ෆයිසර් එන්නත දුන්නාහම මයෝකාඩයිස් කියන තත්වය ඇතිවෙනවා කියලා.

නමුත් ලෝකයේ කිසිම තැනක දරුවෙකුට ජීවිත හානි සිදුවුනා කියලා වාර්ථා වෙලා නෑ.සුළු කාලයක් රෝහල් ගතවීම් සිද්ධවෙලා තියනවා ඊට වැඩිය කිසිම සිදුවීමක් සිදුවෙලා නෑ.

වයස අවුරුදු 12-15 අතරේ දරුවන්ට දෙවන එන්නතක් ලබාදීම පිළිබදව තවම තීරණයක් නෑ.අපි රජයෙන් මේවනවිට ඉල්ලීම් කරලා තියනවා පාසල් විවෘත කරන්න කියලා.පාසල් වහලා තියනවට වඩා පාසල් නැවත විවෘත කිරීම වාසිදායක බව යුනිසෙෆ් යුනෙස්කෝ ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියනවා.ඒ නිසා පාසල් විවෘත කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා තිබෙනවා.

මේ මස පළමු වෙනිදා රට විවෘත කරනවද කියන එක වසංගත රෝග විද්‍යා ඒකකය ඇතුළු ආයතන මේ මස 30 වනදා ජනාධිපතිතුමා ඇතුළු කොවිඩ් කාර්ය සාධක බලකාය එක්ව පැවත්වෙන රැස්වීමෙන් පසුව තීරණය කරයි.තිහට වැඩි පිරිස් එන්නත ලබාගැනීම සිදුකිරීම හොද තත්වයක තිබ්බත් 20-30 අතර වයස් කාණ්ඩවල තරුණ තරුණියන් ෆයිසර් එන්නතම ලබාගත යුතුයි කියන මතයක ඉන්නවා.

මේ වෙනකම් එන්නත් ලබාගත් කිසිදු අයෙකුට අතුරු ආබාධ ඇතිවෙලා තියනවා කියන වාර්ථා වෙලා නෑ.මේ එන්නත් විතරක් නෙමෙයි ඕනම එන්නතක් ගත්තහම ඇතැම් අයට සංකූලතා ඇතිවෙන්න ඉඩ තියෙනවා ඒක සාමාන්‍ය දෙයක්.පවතින තත්වය මත එන්නත් කරනයට ලක්වීම ඉතා හොද යැයි වෛද්‍යවරයා පැවසුවේය.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Similar Posts