adikawasi

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල සමන්‍ය ජන ජිවිතයට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂකරතාවයන්ට පත්ව ඇති බවත්ය.

පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන්ට නිසි ලෙස කුලි වැඩක් හෝ කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් සමග තම  දෛනික ජිවිතයටද විවිධ තර්ජන එල්ලවි ඇති බවද ඔවුන් පවසති.

මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගද ලිස්ස සුලු තත්වයන්ට පත්ව ඇති බවත් එම තත්වයන් මත මෙම මාර්ගවල විවිධ  රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

එම තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් කල්පනාකාරිව රථ වාහන ධාවනය කරවිමට සියලුම රියදුරන් පියවර ගත යුතු බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts