නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බූරවී සුලිකුණාටු තත්වය උතුරු මුහුදටද බලපා ඇති හෙයින් ධීවරකටයුතු වලින් වලකින ලෙසට උතුරේ ධීවරයින්ටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.

මේ වන විටත් උතුරු පලාතට වර්ෂාව නොනවත්වා ඇදහැලෙන අතරම පැයට කිලෝමීටර් 75 ත් 85 ත් අතර සුලං තත්වයක්ද වාර්ථා වන බවටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියා සිටියි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වලට කාලගුණයෙන් රතු අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව එම පළාත්වල පැයට කිලෝමිටර් 80 ත් 100 ත් දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Similar Posts