friendship wadan

පාන් මිල වැඩි වුවද හැටන් ප්‍රදේශයේ සමහර බේකරිවල නිස්පාදනය කරනු ලබන පාන් ගෙඩිය නිසි බරකින් නොමැති විමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව  බොහෝ පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබද වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ පාන් පිටි මිල ඉහල යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 80 දක්වා ඉහල ගියද පාන් ගෙඩියක තිබිය යුතු ග්‍රැම් 450ක් නොමැති බවත්ය.

සමහර බේකරිවල නිස්පාදනය කරනු ලබන පාන් ගෙඩිය ග්‍රැම් 350ත් 400ත් අතර බරකින් යුක්තවන බවත් මෙම තත්වයන් මත තමන් වැඩි මිලක් ලබාදි ලබා ගන්නා පාන් ගෙඩිය බරින් අඩුවිමත් සමග තමන් විවිධ දුෂකරතාවයන්ට පත්ව ඇති බවත්ය.

වැඩි කල මිලට අලෙවි කිරිම සදහා බරින් අඩු පාන් නිපදවන මෙවැනි බේකරි හිමියන් පිලිබදව සොයා බලා එහි බේකරි හිමියන්ට නිතිමය පියවර ගැනිමට අදාල නිලධාරින් නිසි පියවර ගතයුතු බවද එම පිරිස් තව දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts