eliphent

ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බකමූණ සෑගල ප්‍රදේශයේ ගෙවත්තක කුඩා ළිදකට වැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරින් විසින්  අද (19) ගොඩ ගැනීමට කටයුතු කර ඇත.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට රාත්‍රි කාලයේ ගම් වදින අලි රංචුවෙන් එක් අලියෙකු ඊයේ  (18) මෙසේ අඩි 12ක් පමණ ගැඹුරු ළිදට මුණින් අත වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.

මියගිය අලියාගේ වයස අවුරුදු 15ක් පමණ වන බවත් පිරිමි සතෙකු වන බවත් වනජීවී නිලධාරීහු පවසති.අලියාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය අද  (19) ගිරිතලේ පශුවෛද්‍ය ඒකකයේ නිලධාරින් විසින් සිදු කෙරෙ.

eliphent

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Similar Posts