eliphent baby

මව් ඇතින්නගෙන් හා රංචුවෙන් අතරමංවූ බවට සැකකරනා ඇත් පැටවෙකු කැකිරාව කීරියගස්වැව ප්‍රදේශයේ තනිව සැරිසරන බවට ප්‍රදේශවාසින් විසින් මොරගොඩ හා රිටිගල වනජීවි කර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව ඇත් පැටවා අල්ලා ප්‍රතිකාර ලබදීමට අනුරාධපුර පණ්ඩුලගම වන ජීවි කාර් යාලයේ  නිලධාරින් ඊයේ  (29) කටයුතු කළහ.

ලැබුණු තොරතුරු වලට අනුව ඇත් පැටියා පිළිබඳ සොයා බැලු රිටිගල හා මොරගොඩ වනජීවි නිලධාරීන්ට නිරික්ෂනය වී තිබුනේ ඇත් පැටියා රංචුවෙන් අතරමන්ව හෝ මව් ඇතින්න මිය ගොස් සිටිම හේතුවෙන් තනිව අනාරක්ෂිතව සැරිසරන බවයි.

ඒ අනුව වනජීවි නිලධාරීන් විසින් වයස අවුරුදු තුනක් හා උස අඩි තුනක් පමණ වන ඇත් පැටව අල්ලාගෙන අරක්ෂිත ස්ථානයට ගෙනයාමට අවශ්‍ය පියවර ගනු ලැබූහ.

රිටිගල හා මොරගොඩ වනජීවි නිලධාරීන් විසින් එකාබද්ධ මෙහෙයුමක් දියත්කොට ඇත් පැටියා අල්ලා ගැනීමට කටයුතු කළ අතර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් එක්ව ඇත් පැටවා අල්ලා ගැනිමෙන් පසුව වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළහ.

අනතුරුව ඇත් පැටියාව පණ්ඩුලගම වනජීවි කාර්යාලයට රැගෙන යාම සිදුකළ අතර පැටියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයක ඇති බව වනජීවි නිලධාරීන් පැවසූහ.

eliphent baby eliphent baby eliphent baby eliphent baby

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Similar Posts