strick

වනජීවී නිලධාරින්ට ජනතාව ඉදිරියේ ද්වේශ සහගත ලෙස බැන වැදී අපහසුතාවට පත් කිරීමට එරෙහිව අද(27) දින සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඒ සඳහා වනජීවී වෘත්තීය සමිති 07ක් සහය පළ කරමින් අසනීප නිවාඩු වාර්තා කර රාජකාරිවලින් බැහැරවන බවත් වනජීවී වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එහි කැදවුම් කරු බී.වී ආර්.අයි ජී. බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව 2020.1126 දාතම ලිපිය මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

එම වෘත්තීය සංගම් එකමුතුව පවසන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අතිගරු ජනාධිපතිතුමා හෝ විෂය භාර ඈමතිතුමා හෝ ප්‍රමුඛ රජය අපහසුතාවට පත් කිරීමට ගන්න වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොව වෘත්තීය ගරුත්වය හා පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පමණක් බව්ව ද එම ලිපිය මගින් පෙන්වා දෙයි.

වැඩි දුරටත් එම ලිපියේ දැක්වෙන්නේ 2020.11.26 වන දින පොලොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් නීති විරෝධීව මනම්පිටිය මහ පාළම අසල සිට යක්කුරේ දක්වා මාර්ගය ඉදි කිරීම පිළිබඳවත් වනජීවී රක්ෂිත තුළ අනවසරයෙන් වගා කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අධිකරණ නියෝග මත නැවත සන්තකය පවරා ගත්  ඉඩම් සම්බන්ධයෙන් ගරු වනජීවී හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව කළාපයේ වනජීවී අධ්‍යක්ෂ  මංජුල අමරරත්න මහතාත් පොලොන්නරුව කළාප සහකාර අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මහතා හා තවත් නිලධාරින් පිරිසක් ද ජනතාව ද සමග සාකච්ඡාවක්  පැවති බවත් එම අවස්ථාවේ දී වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට පටහැනිව වනජීවී රක්ෂිතයන් තුළට ගවයින් ඇතුළු කිරීමට අමාත්‍යවරයා විසින් උපදෙස් දුන් අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ වනජීවි නිලධාරින්ට ජනතාව ඉදිරියේ ද්වේශ සහගතව බැන වැදීම එක හෙලාම හෙළා දකින බවද ඔවුහු පවසති.

ඊට මූලික විරෝධතාවක් 2020.11.27 එනම් අද දින අප සහෝදර වෘත්තීය සංගම් 7ක් ඒකාබද්ධ ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න බවත් ලෙඩ නිවාඩු දමා රාජකාරිවලින් බැහැර වන බවත් එම ලිපිය මගින් දන්වා සිටියි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts