c news in sri lanka

‘ටෙහෙරාන්’ නුවරදී දැන් පැවැත්වෙන 20 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියේදී පිට පිටම තෙවැනි ශ්‍රේණිගත තරගය ජය ගනිමින් ඊයේ (19) කුවේට් රාජ්‍යය පරාජයට පත් කළ ශ්‍රී ලංකාව අද (20) ඕමානයට එරෙහිව තරගාවලියේ 13 වැනි ස්ථානය සඳහා තරග වදියි. වට 3-0කින්  (25/17 – 25/22 – 25/18) ඊයේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කුවේට් පරාජය කළහ.

එය ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සහභාගි වන අවසන් තරගය ද වේ. එහි විශේෂත්වය ශ්‍රී ලංකාවට මෙවර ආසියානු තරගාවලියේ දී ඕමානය මුණගැසෙන දෙවැනි අවස්ථාව වීමයි.

පසුගිය බදාදා (18) පැවැති ශ්‍රේණිගත තරගයකදී ශ්‍රී ලංකාව වට 3-1කින් ඕමානය පරාජයට පත් කිරීමට සමත් විය.

c news in sri lanka,dailyreporter

Similar Posts