sl

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පකිස්ථානය සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගත්තේ ය.

ඩුබායිහිදී පැවැති  තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 121 ක් රැස් කළේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කඩුළු 5 ක් පමණක් දැවී ජය වාර්තා කළේ ය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටය අපරාජිතව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සහභාගී වන අවසන් මහා තරගය හෙට(11) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය.

Similar Posts