asiacups

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට ඊයේ (11) රාත්‍රී සමත් වුහ.

ඩුබායිහිදී ඊයේ රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 23 කින් පකිස්ථානය පරාජය කිරීමට සමත් වූහ.

රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය.

සුපිරි පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ ලකුණු 71ක් නොදැවී ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි.

2022 ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගැනීමට සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

සිංගප්පුරුවේදී පැවති ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සිංගප්පූරු කණ්ඩායම 63ට 53ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණි.

ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කර ගත් 6 වන අවස්ථාව මෙය වේ.

2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිළිගන්වා තිබේ.

Similar Posts