13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට උණ රෝගය වැලදී ඇති බවත්, ඉන් 13 දෙනෙකුට ඩෙංගු රෝගය වැලදී ඇති බවටත් ශ්‍රී ලංකා කණ්ඩායම් වෛද්‍යවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසයි.

මේ අතර පුහුණු කරැවන් දෙදෙනෙකුට ද උණ රෝගය වැලදී ඇති බව වාර්තා වන අතර මේ සියලුම දෙනා නේපාලයේ කත්මණ්ඩු රෝහලට ඇතුළත් කර තිබේ. මේ අතරින් එක් ක්‍රීඩකයකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් ඔහු දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවත් පැවසේ.

මෙතරම් විශාල පිරිසකට ඒකවර ඩෙංගු රෝගය වැලදීම පිළිබදව කළ පරීක්ෂණයේ දී හෙලි වී ඇත්තේ මෙම ක්‍රීකඩයින් පුහුණු වූ සුගතදාස ක්‍රීඩාංගනයේ ආපන ශාලා පරිශ්‍රය තුල ඩෙංගු මදුරැවන්ගේ රජ දහනක්ව පැවති ඇති බවත්, ඒම පරිශ්‍රය තුලදී ඩෙංගු කීටයන් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බවත්ය

මෙම සියලු තත්ත්වයන් යටතෙත් රන් පදක්ම් 32ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ තැබීමට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව ඇති අතර පදක්කම් 167 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය දිනා ගැනීමටත් සමත්ව තිබේ.

 

Similar Posts