cricket

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට හිටපු විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් සහ මහීෂ් තීක්‍ෂණ නම් කර ඇති බව වාර්තා වේ. විස්සයි20 කණ්ඩායමේ නායක දසුන් ශානක එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.

මෙම විස්සයි20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කර නොමැති අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සියලුම රටවලට සිය කණ්ඩායම් නම් කිරීම සඳහා ලබාදුන් අවසන් දිනය අද (10 ) නිමා වනු ඇත.

දසුන් ශානක (නායක), දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්‍ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ඉෂාන් ජයරත්න.

 

 

Similar Posts