riyasewana

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගි කරවීම උදෙසා පැවැති බොක්සිං තේරීම් පරීක්ෂණයේදී ජයග්‍රහණය කළ ක්‍රීඩකයන් කිහිපදෙනකු ඉවත් කොට පරාජිතයන් තෝරාගෙන ඇති බවට පේරාදෙණියේ කිංග්ස්වුඩ් බොක්සිං සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සමාජය, ශ්‍රී ලංකා බොක්සිං සංගමයට විරෝධතා ගොනු කරයි.

පසුගියදා කොළඹ රාජකීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති බොක්සිං තේරීම් තරගයේදී කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් තරග කළ නිරාජ් විජේවර්ධන එලෙස අසාධාරණයට ලක් වූ ක්‍රීඩකයකු බව කිංග්ස්වුඩ් බොක්සිං සමාජය ඉදිරිපත් කළ විරෝධතාවක සඳහන් වන අතර, ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩක එම්. වයි. එම් ඩිල්ෂාන් ක්‍රීඩකයා බලවත් අසාධාරණයකට ලක් වූ අයකු බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විරෝධතා ලිපියෙන් කරුණු ඉදිරිපත් කොට ඇත.

Similar Posts