t20worldcup

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. ඒ, කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි එතෙක් කිසිඳු තරගයක් පරාජයට පත් නොවී සිටි පකිස්තානය කඩුළු 05 කින් පරාජයට පත් කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04 ක් දැවී ලකුණු 176 ක් රැස් කළා.

ලකුණු 177 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව කඩුළු 05 ක් දැවී 19 වන පන්දුවාරයේදී සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සමගින් ලබන ඉරිදා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී මුණ ගැසෙනු ඇති.

 

cricket news in sri lanka

Similar Posts