ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (01) පැවැති තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයට පෙර දෙපිලේ ක්‍රීඩකයින්, නිලධාරීන් විසින් මාධ්‍ය සාකච්ජා වලදී සිදුකළ ප්‍රකාශයන් නිසා මෙය ඉතා උණුසුම්කාරී තරගයක් වීමද විශේෂත්වයක්.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවෙන් පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කර සිටියා.

බංගලදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුළු 7ක් දැවී ලකුණු 183ක් රැස් කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා පන්දු 7 කදී ලකුණු 13ක් අවශ්‍ය තිබු අතර අසිත ප්‍රනාන්දු විසින් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් දෙකක් සමගින් තරගයේ ජය ශ්‍රී ලංකා පිලට හිමිවුයේ තරගය අවසන් වීමට තවත් පන්දු 04ක් ඉතිරිව තිබියදීය.

Similar Posts