අන්තර්කාලීන ආණ්ඩුවක අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ මහජන අරගලය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නම්‍යශිලිව ධුරයෙන් ඉවත් වන්නේ නම් එය යෝග්‍ය බවයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් මගින් ඒ කටයුත්ත කිරීමට සිදුවන බවත් පැවසූ උන්වහන්සේ ධුරයෙන් ඉවත් නොවී රට අර්බුදකාරී තත්ත්වයට පත් කිරීමට ඔහු කටයුතු කරනු ඇතැයි නොසිතන බවද පැවසූහ.

අග‍්‍රාමාත්‍යවරයා ඉවත් නොවන්නේ නම් ජන අරගලය සමඟ එක් වී කටයුතු කිරීමට ද සිදු වන බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

Similar Posts